පාසල ආරම්භයේදි නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ඌව පළාත් සභා අරමුදලින් ඉදි කරන ලදි. ධන පරිත්‍යාගයෙන් 1935 දී නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. එසේම සිසුන්ට වන්දනාමාන කිරීම සදහා 1913 සැප්තම්බර් 26 දින විහාර මන්දිරයක්ද ඉදිකරවා ඇත.වර්ෂ 1935 එම ගොඩනැගිල්ලෙන් ආරම්භ කරන ලද පාසලේ මුල් ගුරුතුමන් වූයේ එච්.ඩී.පෙරේරා මහතා සිසු දරුවන් වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත. ප්‍රදේශයට පාසලක අවශ්‍යතාවය තේරුම්ගත් ගම්වැසියන් ගේ ආරාධනයෙන් එච්.ඩි.පෙරේරා මහතාගේ ප්‍රධානීත්වයෙන් පාසලේ වැඩකටයුතු ආරම්භ කිරීමට යෙදනි.






