පැල්වත්ත නවෝද්‍යා මහා විද්‍යාලය

සමස්ත ලංකා නව නිර්මාණ හා රොබෝ තාක්ෂණ තරගාවලිය - 2024

ගණිතය ඔලිම්පියාඩ් තරගය

Slide

විදුහල්පති පණිවිඩය

වි.මු. නන්දසේන මයා

මො/පැල්වත්ත නවෝද්‍යා මහා  විද්‍යාලයේ සිසුන් විසින් දියත් කරන ලද මෙම වෙබ් අඩවියට මගේ සුබ පැතුම් එක් කිරීමට ලැබීම මහත් භාග්‍යයක්.  අද අපේ සාම්ප්‍රදායික පන්තිකාමරය, ගුරුවරයා සහ ඉගැන්වීම්-ඉගෙනීමේ ක්‍රම පවා වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතී.  ඉහළ තරගකාරී ගෝලීය ආර්ථිකයක් සමඟින් අද අපේ පන්ති කාමරයේ සිටින දරුවාට ජීවත් වීමට සිදුවන්නේ අනපේක්ෂිත සමාජයකය.  ඒ සඳහා සාම්ප්‍රදායික විෂය මාලාවේ විෂයයන් ඉගැන්වීමට වඩා ගෝලීය රැකියා වෙළෙඳපොළ ජය ගැනීමට අවශ්‍ය කුසලතා ලබාදීම වැදගත් වනු ඇත.

මෙහිදී දැනුම පදනම් කරගත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය ප්‍රධාන ඉගෙනුම් මෙවලමක් ලෙස මතු වී ඇත.  එමෙන්ම ලෝකයේ විවිධ වෙබ් සේවා සහ සමාජ මාධ්‍ය මෙවලම් සාම්ප්‍රදායික අධ්‍යාපනික තාක්ෂණය මෙන්ම ඉගැන්වීම්-ඉගෙනීමේ ක්‍රම අභිබවා බොහෝ දුරක් පැමිණ ඇත. මෙම අනාගත අභියෝගයටද මුහුණ දීමට හැකිවන පරිදි පැල්වත්ත නවෝද්‍යාවන් ගොඩනැගීම අපගේ මූලික කාර්යභාරය මෙන්ම වගකීමයි.  ඉහත සන්දර්භය තුළ පවතින අවකාශය පිරවීම සඳහා අපගේ මෙම වෙබ් අඩවිය විවෘත වේ.  එබැවින් මෙම වෙබ් අඩවිය පාසලේ අභිමානය පමණක් නොව පාසල් සංස්කෘතියේ අනන්‍යතාවයද ආරක්ෂා කරන අතර අනාගත ගෝලීය ආර්ථිකය සාර්ථක කර ගැනීමට පැල්වත්ත නවෝද්‍යා විද්‍යාලයේ දරුවන්ට මග පෙන්වන ප්‍රාථමික ඩිජිටල් වේදිකාවද වේ.

ඉතින් මේ සත්කාරයට මාගේ සුබ පැතුම් එක් කරනවා.

වි.මු. නන්දසේන මයා
විදුහල්පති
මො/පැල්වත්ත නවෝද්‍යා මහා විද්‍යාලය .