පැල්වත්ත නවෝද්‍යා මහා විද්‍යාලය

සමස්ත ලංකා නව නිර්මාණ හා රොබෝ තාක්ෂණ තරගාවලිය - 2024

ගණිතය ඔලිම්පියාඩ් තරගය

Slide
  • පාසල ආරම්භ වන්නේ පෙ.ව.07.30.ට හා අවසන් වන්නේ ප.ව.01.30.ටය.එබැවින් සෑම ශිෂ්‍ය/ශිෂ්‍යාවක්ම උදෑසන 07.30.ට පෙර පාසලට පැමිණිය යුතුය.පාසලේ කටයුතු අවසන් වන තුරු පාසලේ රැදී සිටිය යුතු අතර වේලාසන පාසලින් බැහැරව යාමට හැකි ව්නනේ පන්තිභාර ගුරුතුමා ගුරුතුමියගේ නිර්දේශය මත විදුහල්පතිතුමාගේ අවසරය ඇත්නම් පමණි.
  • සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම පාසල් කාලය තුළ (විවේක කාලය හැර) තම තමන් අයත් පන්ති කාමරය තුළ රැදී සිටිය යුතු අතර අදාළ ගුරුභවතා මෙහෙයවන ඉ‍ෙගනුම් කටයුතු සඳහා ක්‍රියාකාරීව දායක විය යුතුය.
  • විෂයන් සඳහා ඒතත වෙත යාමේදී මුළු පන්තියම එකම පේළියට යා යුතුය.පළමුව ශිෂ්‍යයන් ද දෙවනුව ශිෂ්‍යාවන් ද ලෙසය.
  • පාසල් ආරම්බය සඳහා පළමු සීනුව නාද කල විට නිහ්ශබ්දව එම ස්ථානයේ රැදී සිටිය යුතුය.පාසල් ගීයෙන් අනතුරුව සියලුම සිසු දරුවන් ආගමික වතාවත් සිදු කිරීම සඳහා එම ස්ථානයට යා යුතුය.
  • පන්ති හා කලාප පෙ.ව.07.15 වන විට පිරිසිදු කර පන්ති පිළිවෙළට සකස් කර තිබිය යුතුය.
  • පාසල් නිල ඇඳුම නියමිත පරිදි සකස් විය යුතුය.ඊට අනවශ්‍ය විලාසිතා එක් කිරීම තහනම්ය.
  • රෙදි වල මුද්‍රණය කළ පාසලේ ලාංඡනය සෑම ශිෂ්‍යයෙකුම කමීස සාක්කුවේ වම්පස ඉහළ කෙළවරට තබා මැසිය යුතුය.ශිෂ්‍යාවන් ද ගවුමේ වම් අතට මසා තිබිය යුතුය.
  • ගැහැණු දරුවන්ගේ කොණ්ඩය කණ ළගින් ගොතා නවා කළු රිබන් වලින් ගැට ගැසිය යුතුය.
  • කොණ්ඩය කපා ඇත්නම් බෙල්ල තෙක් කොටට කැපිය යුතුය.
  • පාසලේ ගෞරවය හා ශිෂ්‍ය භූමිකාවට නොගැළපෙන අනවශ්‍ය විලාසිතා කිරීම වැළකිය යුතුය.
  • සුවඳ විලවුන්,ජෙල් වැනි ද්‍රව්‍ය භාවිතය හා පාසලට රැගෙන ඒම සපුරා තහනම්ය.
  • පාසල් පරිශ්‍රයේ පවිත්‍රතාව රැක ගැනිම සඳහා සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම පාසල් භූමියට පොලිතීන්,ප්ලාස්ටික් රැගෙන ඒම තහනම්ය.ප්ලාස්ටික් බෝතල් ආදිය වෙනම බෑග් වල අසුරා නගරසභාවට බාර දිය යුතුය.
  • සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ඩෙස් එකක් හා පුටුවක් ලබා දී ඇති අතර එය ආරක්ෂා කිරීම තමා සතු යුතුකමකි.තවද එය ආරක්ෂා කර වර්ෂය අවසානයේ පන්තිභාර ගුරුභවතා වෙත නිසි ලෙස භාරදිය යුතුය.
  • පාසල් පොත්,ඉගෙනුම් උපකරණ ගුරුතුමා විසින් පාසලට රැගෙන ඒමට දන්වා ඇති දෙයක් හැරුණු විටවෙනත් කිසිම දෙයක් පාසලට ගෙන ඒම තහනම්ය.(අසභ්‍ය සඟරා,CD,DVD,ජංගම දුරකථන,ඔරලෝසු)
  • පාසල තුළ විනය කඩ කිරීම්,ප්‍රේම සම්බන්ධතා,අන අයට උදව් කිරීම හා ද්‍රව්‍ය හුවමාරුව,ගැටුම් ඇති කිරීම සපුරා තහනම්ය.එවන් අවස්ථාවක දී විනය මණ්ඩලය ගනු ලබන තීරණ වලට යටත් විය යුතුය.
  • මත්ද්‍රව්‍ය භාවිතය,පෙළඔවිම,අලෙවි කිරීම පාසල් සිසුන් වශයෙන් පාසල තුළ සපුරා තහනම්ය.
  • රටහුණු,නාම ලේඛන,පන්ති වාර්තා පොත් පාසල් ගීය ගායනා කිරීමට පෙර පන්තියට රැගෙන යා යුතුය.
  • නාම ලේඛන දෙවන කාල පරිච්ඡේදය ආරම්භවීම සමඟ නායිකාව හෝ නායකයා පමණක් පැමිණ කාර්යාලයට ලබාදිය යුතුය.
  • සෑම අවස්ථාවකදීම ගුරු මහත්ම මහත්මීන්ගේ උපදෙස් පිළිපැදිය යුතු අතර ශිෂ්‍යනායක නායිකාවන්ට ද අවනත විය යුතුය.